Saturday, April 1, 2017

අම්ඹලම

ඇරඹුවා වූ දිනක් නොදනී
නිමාවක් නැති බවක් හැඟුනී
මං මුලා වී නොවේ යන්නේ
එහෙත් යා යුතු මග නොදන්නේ..

මතකයක් නොමැත මට
වගක් ගැන ආව ගිය
මතකයක් නොමැත මට
මා කවුද? කාගේද වග..

නැවතුමක් සොයා යන විට
නවතින්න හැමදාම
මුනගැසුනි යලිත් මට
පියනගමි අම්ඹලම වෙත..

නොමැත සහනය සොයන
මෙවන් වූ නැවතුමක
සහනයට මග කියන
දහම ඇත නිසකවම...

මං මුලා වු සෙනෙහස

දවසක්දා මම දන්න කියන ගෙදරකට ගොඩ වැදුනා. ඒ ගෙදර ඉන්නෙ ආච්චියි සීයයි විතරයි මේ දවස් වල. ආච්චි කුස්සියෙ මේසය ලඟ  වාඩි වෙලා රෑට කන්න එළවළුවක්...