Search This Blog

Saturday, March 25, 2017

කොළඹ සන්නිය

අද සමාජය තුල මිනිසුන් විවිධාකාර උපාය මාර්ගයන් ඔස්සේ තමන්ගෙ ජීවිතය සොයා යන්නට හා තම ජීවිතය දකින්නට වෙර දරමින් සිටී. මෙහිදී ඉතා බහුලව සිදුවන්නේ විදේශගත වීමයි. එය තරමක අසීරු හා අවදානම් කටයුත්තකි.මේ හැරුනුකොට ඔවුන් යොදා ගන්නා අනෙක් විකල්පය වන්නේ අගනගරයට සංක්‍රමණය වීමයි.මෙසේ තරුණ තරුණියන් කොළඹට පැමිණ තමන්ගේ සිහින සැබෑ කර ගැනීමට වෑයම් කිරීම තුල කිසිදු වරදක් දකින්නට නොමැත. එය තමන් තමන් උදෙසා ගනු ලබන සර්ව සාධාරණ හා දූරදර්ශී තීරණයකි.ගැටලුව පැන නැගෙන්නේ කොළඹට පැමිනෙන මෙම තාරුණ්‍ය, තමන්ට මුහුණදීමට වන නව පරිසරය තුල හැඩගැසෙන ආකාරය මතය.

කොළඹ යනු අද අප රට තුළ තිබෙන දියුණුතම හා සුඛෝපබෝගීම නගරයකි.මේ සමාජ රටාවට නිශ්චිත සම්ඹවයක් නොමැත.දීර්ඝ අතීතයක්ද අනන්‍යතාවක්ද නොමැත.විවිධ රටවල විවිධ ජාතීන්ගේ විවිධාකාරී ලක්ෂණ සුළු සුළු වශයෙන් එක් කරගෙන ගොඩනැගී ඇති මේ සමාජ රටාවට පුදුමාකාර ජීවගුණයක් පවතී. කුමන ඉසව්වක සිට පැමිණි පුද්ගලයෙක් වුවත් මෙම සමාජ රටාව වැලඳ ගැනීමට හා එම සමාජ රටාවට අනුගතව ජීවත් වීමට යුහුසුළු වේ. මේ තරම් ආශාවකින් භක්තියකින් වැලඳ ගැනීමට තරම් යහපත් ලක්ශන මේ තුල පවතින අතර, යහපත වසා ගෙන ඉස්මතු වෙන අයහපතක්ද මේ තුල ගැබ් වී ඇත. කොළඹට සංක්‍රමණය වන අප ග්‍රාමීය සංක්‍රමණිකයන් වැළඳගනු ලබන්නේ මෙකී යහපතද අයහපතද යන්න ගැටළුවකි

බලාපොරොත්තු, හීන පොදි බඳගෙන කොළඹට පැමිනෙන බොහෝ තුරුණු හදවත් තම ගමන ආරම්භයේදීම මං මුලා වන වාර අනන්තය.තමන් පැමිණියේ කුමකටද යන්න පවා ඔවුනට අමතක වී යයි. ඉන්පසු ඔවුන් මේ සමාජය තුල තමාගේම විකෘතියක් ගොඩ නැගීමට උත්සුක වේ. ප්‍රථමයෙන්ම ඔවුන් හුරු පුරුදු වාචික රටාව උඩු යටිකුරු කරමින් වෙනත් අස්වාභාවික රටාවකට ආරූඪ වේ. එය හුදෙක් ආරම්භයක් පමණි. ඉනික්බිතිව අතට අසුවන අසුවන විච්චූරන, තොරොම්බෝල සියල්ලම කිසිදු වග විභාගයකින් තොරව කරපින්නා ගනී. මේ සියල්ල සිදුවන්නේ තමන්ගේ අහිංසක මව්පියන් ඉඩකඩම්, හරකබාන විකුණා නැතහොත් උකස් කොට එවන මුදල් වලිනි. දැන් ඔවුන්ට කොළඹ සන්නිය වැළදී හමාරය.තමන්ට රැකියාවක් ලැබෙනතුරු මොවුන් ගම රට බලා යයි. ඒ යන්නේද තමන් කරපින්නා ගත් සියල්ල ගමට ප්‍රදර්ශනය කර ඒ තුලින් සියුම් වින්දනයක් ලබා ගනීමටය. බොහොවිට රැකියාවක් ලැබීමෙන් පසුව මව්පිය ඇසුර පවා කෙමෙන් කෙමෙන් අඩු වී යන්නේය. ගමෙන් ගිය සන්ද්‍යා, සැන්ඩී වීම කරුමයක අරුමය නොවේද? හපොයි!

කොළඹින් ලබාගත යුතු යහපත සොයාගත නොහැකිව මං මුළා වන තාරුණ්‍යයට මේ සමගම අත්විදින්නට සිදුවන්නේ අඳුරු ඉරණමකටය. තමන්ට ගෝචර නොවන සමාජ රටාවක් ගොඩනගා ගැනීම තුලින් තමාගේ ජීවිතය තමන් විසින්ම අගාධයකට තල්ලු කර දමයි. තම දෙමව්පියන්ද පාරට ඇද දමමින් ගත කරන ජීවිතය අවසානයේ ශේෂ වන්නේ විකෘති සමාජ මානසිකත්වයක් පමණි.ඔවුන් ලද මහඟු දායදය නම් සුරාව, සූදුව හෝ අරමුණු රහිත කෙළිලොල් ජිවිතය පමණක්මය.මෙවන් විපර්යාසයන් සහිත ආතුරයන්ට කොළඹ සන්නිය ආසාදනය වී ඇතැයි කීමේ වරදක් නැතැයි මම සිතමි.

ගම තුල හැදී වැඩී ලබාගත් පන්නරය සමගින් කොළඹට පැමිණ , ඉතාම අසීරුවෙන් ජීවිතය ආරම්භ කර අවසානයේ තමන්ගේ අරමුණු ඉශ්ඨ කරගනිමින් සාර්ථකත්වයට පත්වූ බොහෝ දෙනෙක් අප අතර නැතුවාම නොවේ.ඔවුන්ගේ සාර්ථකත්වයට මූලික හේතුව වී ඇත්තේ ආ මග අමතක නොවීමයි. තමන්ට නුහුරු සමාජය තුලින් ගත යුත්ත පමණක් ගෙන තමන් තමන්ගේ අනන්‍යතාවය රැක ගැනීම තුලින් විශාල ජයග්‍රහණ කරා ජීවිත මෙහෙයවීමට ඔවුනට හැකි විය.

'දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග' යන කියමන ඉහත කී සංක්‍රමණ රටාවට ඍජුවම වලංගු සත්‍යක් පසක් කරයි.කොළඹ පදනම් කර ගෙන ගොඩ නැගී ඇති සමාජ වටපිටාවට ඔබ කිසිසේත් බිය විය යුතු නැත. නමුත් එහි කරක් ගසන්නට සිතන්නේ නම් ඔබ කළ යුත්තේ තමන් එන්නේ කොතැනටද, කුමකටද යන්න නිශ්චිතව අවබෝධ කරගනිමින්ය. මේ සම්බන්දයෙන් වැඩිහිටියන්ට ඇත්තේ විශාල වගකීමකි. තාරුණ්‍යට ලැබෙන අසීමිත නිදහස කළමණාකරනය කරගැනීමට නොහැකිවීම තුලින් සිදුවන විපත එවිට මග හරවා ගත හැකිය. නිවරදි මඟ පෙන්වීමක් යටතේ අවබෝදයෙන් සිදුවන සමාජගතවීමකින් කිසිදු විපතක් සිදු නොවේ. ඔබ අගනගරයට ආගන්තුක නම් තමන් අවට සමාජ වටපිටාව පිළිබඳ බොහො දේ අධ්‍යනය කළ යුතුය.තමන්ගේ අරමුණ කෙරෙහි පමණක්ම සිත යොමන්න.ඔබට බොහෝ දේ මුණගැසෙනු නොඅනුමානය. නමුත් මුණගැසෙන සියල්ල වැළඳ නොගෙන ගත යුත්ත පමණක් ලබා ගන්න.තමන්ගේ සාර්තකත්වය සඳහා පමණක් කටයුතු කරන්න.එවිට ඔබට කොළඹ පාරදීසයක් වනු නොඅනුමානය.

Friday, March 24, 2017

"යථා"

මොකක්ද මේ 'යථා' කියන්නෙ? blog එකක් පටන් ගන්න හිතුවා. blog ලියන හැමොටම blogger කෙනෙක් වෙන්න බෑ කියල දැන දැනම මේ වැඩේ පටන් ගන්නෙ ලියන්න තියන ආසාව නිසාමයි.

යථා තුල මන් ලියන්න උත්සාහ කරන්නෙ මන් දකින දේවල්, මට දැනෙන දේවල්. ඒ විදියට ලියවෙන දේවල ඕන කෙනෙකුට විවේචනය කරන්න පුලුවන්.(කියවන එක පාඨකයෙක් හරි හිටියොත්)

බලමු එහෙනම් ලියලම, මම දකින මට දැනෙන හැමදේම...

පාපෝච්චාරණය

ටොන් ගනන් රාජකාරි දහස් ගනනින් බාධා අසූ නවයක් දෝශ දුසිම් ගනනින් දුක් සිව් මහා අපස්මාර නිසා කිසිවක් නොලිව්වෙමි කියා කයන්නට සිතුනත් තිස්තුන් කෝ...